පළමු තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිමුත් තහවුරු කරයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග හෙට(21) ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී චරිත් අසලංකට ටෙස්ට් වරම් හිමි නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අද(20) තහවුරු කළා.

පළමු තරගයේ දී පැතුම් නිස්සංක තමා සමගින් ඉනිම ආරම්භ කිරීමට නියමිත බවයි ඔහු අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.

අංක 3 පිතිකරු ලෙස ඕෂද ප්‍රනාන්දු ද, කඩුලු රකින පිතිකරුවා ලෙස දිනේෂ් චන්දිමාල් ද කටයුතු කරන බව දිමුත් කියා සිටියා.

මෙම තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරුවන් 6 දෙනෙකු හා පන්දු යවන්නන් 5 දෙනෙකු සමගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

පිතිකරුවන් ලෙස දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා ධනංජය ද සිල්වා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

දග පන්දු යවන්නන් ලෙස ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රවීන් ජයවික්‍රම හා රමේෂ් මෙන්ඩිස් යන ප්‍රධාන දග පන්දු යවන්නන් තිදෙනාම ක්‍රීඩා කිරීමට නියමිත බව ද ශ්‍රී ලංකා නායකයා සදහන් කර සිටියා.

සුරංග ලක්මාල් හා දුෂ්මන්ත චමීර වේග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක් වනු ඇති.

පළමු ටෙස්ට් තරගය හෙට පෙරවරු 10ට ගාල්ලේ දි ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ දී සිය අවසන් පුහුණු සැසියට ද එක් වුණා.

SLC
SLC
SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...