හසල් අලීට දඩුවම් ලකුණක් ; බංග්ලාදේශයට 20%ක දඩ

Date:

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලීට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අවවාද කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ, ඩකාහී දී පැවැති බංග්ලාදේශ – පාකිස්තාන පළමු 20යි 20 ක්‍රිකට් තරගයේ දී ඔහු අයි.සී.සී විනය නීති සංග්‍රහයේ පළමු මට්ටමේ වරදක් සිදු කිරීම හේතුවෙන්.

ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් (demerit point) ද ඇතුළත් කිරීමට පියවර ගත් බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

බංග්ලාදේශ ඉනිමේ 17 වන පන්දුවාරයේ දී හසන් අලී විසින් නුරුල් හසාන්ගේ කඩුල්ල දවා ගැනීමෙන් පසුව හසන් අලී විසින් එය සැමරූ ආකාරය විනය විරෝධී බවටයි චෝදනා එල්ල වුණේ.

මේ අතර, පළමු තරගයේ දී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා නිමා කිරීමට නොහැකි වීම හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් ද නියම කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

නියමිත කාලය නිමා වන විට ඔවුන්ට එක් පන්දුවාරයක් යවා නිමා කිරීමට හැකි වී තිබුණේ නැහැ.

හසන් අලී විසින් හා බංග්ලාදේශ කණ්ඩායමේ නායක මහ්මුදුල්ලාහ් විසින් අදාළ වැරැදි හා ලබා දුන් දඩුවම් පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු නොවන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කෙරේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...