කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිවේදනය කෙරේ

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය අද(19) පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරුණා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 22 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා ඇන්ජෙලෝ මැතිව්ස් ද කැදවා ඇති අතර, නිමා වූ සීමිත පන්දුවාර තරගවලදී ඉහළ දක්ෂතාවයක් දැක් වූ චරිත් අසලංක ද සංචිතයට නම් කර තිබෙනවා.

රොෂ්න් සිල්වා ද යළි ටෙස්ට් සංචිතයට නම් කර ඇති අතර, කමිල් මිෂාර, සුමින්ද ලක්ෂාන් හා චාමික ගුණසේකර යන නවක ක්‍රීඩකයින් ද ටෙස්ට් සංචිතයට නම් කර තිබෙනවා.

පෞද්ගලික හේතුවක් නිසා ළහිරු තිරිමාන්න මෙම තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අනිද්දා (21) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Sri Lanka Test Squad
Dimuth Karunaratne – (C), Oshada Fernando, Angelo Mathews, Dinesh Chandimal, Dhananjaya de Silva, Pathum Nissanka, Charith Asalanka, Minod Bhanuka, Roshen Silva, Kamil Mishara, Ramesh Mendis, Chamika Karunaratne,
Lakshan Sandakan, Lasith Embuldeniya, Praveen Jayawickrama, Suminda Lakshan, Suranga Lakmal, Vishwa Fernando, Dushmantha Chameera, Lahiru Kumara, Asitha Fernando, Chamika Gunasekara

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...