අමෙරිකාව පරදා ශ්‍රී ලංකාවට ලකුණු 200ක දැවැන්ත ජයක්

Date:

අයි.සී.සී කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා සිම්බාබ්වේ දේශය වෙත ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(19) පුහුණු තරගයකට මුහුණ දුන්නා.

හරාරේ හී දී අමෙරිකා එක්සත් ජනපදය සමග පැවැති එම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 200ක දැවැන්ත ජයක් වාර්තා කළා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 5ක් දැවී ලකුණු 326ක් ලබා ගනිමින්.

හර්ෂිතා මාධවී ලකුණු 54ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට තීරණය කළ අතර, නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 46ක් ද, චමරි අතපත්තු ලකුණු 41ක් ද ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අමෙරිකාවට පන්දුවාර 46ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 126ක් පමණයි.

Lisa Ramjit ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ඉනෝකා රණවීර ලකුණු 26කට කඩුලු 3ක් දවා ගත් අතර, සචිනි නිසංසලා ලකුණු 11කට කඩුලු 2ක් බිද හෙලුවා.

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ලබන 23 වනදා නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...