රිස්වාන් සම්පූර්ණයෙන් අසරණ කරමින් මුස්ටෆිසුර් දවා ගත් සුපිරි කඩුල්ල ( video )

Date:

බංග්ලාදේශ කණ්ඩායම සහ සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර තරග 03 කින් යුත් 20යි විස්ස තරගාවලිය අද (19) ඩකා නුවර මීර්පූර් හී ෂෙරී බංග්ලා ක්‍රීඩා පිටියේදි ආරම්භ වුණේ පාකිස්තානයට කඩුලු 4ක ජයක් හිමි කර දෙමින්.

Match Report – ප්‍රබල සටනකින් පසු පාකිස්තානයට කඩුලු 4ක ජයක්

කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර, ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 127 ක් රැස් කළා.

ලකුණු 128 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අවස්ථාවක් බංග්ලාදේශයෙන් හිමිවූයේ නැහෑ.

මෙම ඉනිමේ දී පාකිස්තාන මුල් පෙල පිතිකරුවන්ගේ අසාර්ථක වීම කැපී පෙනෙණු අතර,  මුළු ලකුණු පුවරුව 16 ක්ව තිබියදී මෙම වසරේ සාර්ථකම විස්සයි විස්ස පිතිකරුවා වන මොහොමඩ් රිස්වාන්ව ලකුණු 11 කට දවා ගැනීමට මුස්ටෆිසූර් රෙහ්මාන් සමත්වුණා. (දර්ශන පහතින්)

ඒ, පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමට සලස්වමින්.

නායක බාබර් අසාම් ලකුණු 7කටත්, හෙයිදර් අලී හා ෂොයිබ් මලික් ලකුණු නොලබාත් දැවී ගියා.

https://twitter.com/sayed_mozumdar/status/1461647166842224641

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...