ඩි විලියස් ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

දකුණු අප්‍රිකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඒ.බී ඩි විලියස් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ඒ බව නිවේදනය කළා.

2018 වසරේ මැයි මාසයේ දී ඩි විලියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත් නමුත්, 20යි 20 ලීග් තරග සදහා ඔහු මේ දක්වා ක්‍රීඩා කළා.

ජාත්‍යන්තර පිටියෙන් සමු ගත්ත ද, පසුව ඔහු යළි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම සදහා ද කැමැත්තෙන් පසු වුණා.

37 හැවිරිදි ඔහු යළි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී එරට ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා සිදු කළ අතර, එම සාකච්ඡා අවසානයේ පසුගිය මැයි මාසයේ දී ඔහු තීරණය කළේ ජාත්‍යන්තර පිටියට සමු දීමට 2018 වසරේ දී ගත් තීරණය වෙනස් නොකිරීමටයි.

නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ද රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ඔහු ක්‍රීඩා කළා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 114ක්, එක්දින තරග 228ක් හා 20යි 20 ජාත්‍යන්තර තරග 78ක් ඒ බී ඩි විලියස් ක්‍රීඩා කර තිබුණා.

එහිදී පිළිවෙලින් ඔහු ලකුණු 8,765ක්, 9,577ක් හා 1,672ක් රැස් කළා.

ඩි විලියස් ක්‍රීඩා කළ සමස්ත 20යි 20 තරග සංඛ්‍යාව 340ක් වන අතර, එහිදී ලකුණු 9,424 ක් රැස් කිරීමට ඔහු සමත් වුණේ ශතක 4ක් හා අර්ධ ශතක 69ක් ද සමගින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...