T10 ලීග් තරගාවලිය අදින් ඇරඹේ ; චෙන්නායි නායකත්වය දසුන්ට

Date:

අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වන අදියර අද(19) ආරම්භ වනවා.

කණ්ඩායම් 6කගේ සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය දෙසැම්බර් 4 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ද චෙන්නායි බ්‍රේව්ස් යනුවෙන් නව කණ්ඩායමක් මෙවර තරගාවලිය සදහා අලුතින් ඇතුළත් කර ඇති අතර, එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානකයි.

භානුක රාජපක්ෂ, ඇන්ජෙලෝ පෙරේරා හා ධනංජය ලක්ෂාන් යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ද එම කණ්ඩායමට ඇතුළත්.

ඉසුරු උදාන බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සදහාත්, වනිදු හසරංග ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සදහාත් ක්‍රීඩා කිරීමට නියමිතයි.

උපුල් තරංග ක්‍රීඩා කරන්නේ නොදර්න් වොරියර්ස් කණ්ඩායමටයි.

තරගාවලියේ පළමු තරගය දිල්ලි බුල්ස් හා නොදර්න් වොරියර්ස් කණ්ඩායම් අතර පැවැත්වෙන අතර, දෙවැනි තරගය අබුඩාබි කණ්ඩායම (Team Abu Dhabi) හා බංග්ලා ටයිගර්ස් කණ්ඩායම අතරයි පැවැත්වෙන්නේ.

එම තරග දෙක මෙරට වේලාවෙන් පිළිවෙලින් අද රාත්‍රී 7.30ට හා රාත්‍රී 9.30ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය සියත TV ඔස්සේ සජීවීව නැරඹීමේ අවස්ථාව මෙරට ප්‍රේක්ෂකයින්ට හිමිවනවා.

අබුඩාබි T 10 තරගාවලියේ සිව්වන අදියර පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාසවලදී පැවැති අතර, එහි ශුරතාවය දිනා ගත්තේ නොදන් වොරියර්ස් කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...