මිකීගෙන් පසු දේශීය පුහුණුකරුවන් රැසක් බදවා ගැනීමට ක්‍රිකට් ආයතනයේ අවධානය

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස බදවා ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින් පිරිසක් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

පුහුණු උපදේශකවරයෙකු වශයෙන් හිටපු නායක මහේල ජයවර්ධන මහතා පත් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බවයි ‘ද අයිලන්ඩ්’ පුවත්පත වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත්, “කිසිවෙකු මට කතා කළේ නැහැ, ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විමසන්න” යනුවෙන් මහේල ජයවර්ධන මහතා AFP පුවත් සේවය වෙත අදහස් දක්වමින් සදහන් කළා.

රංගන හේරත්, නුවන් කුලසේකර හා ලසිත් මාලිංග වැනි මෑතකදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් ක්‍රීඩකයින් ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස බදවා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට සලකා බලමින් සිටින බව සදහන්.

විදෙස් පුහුණුකරුවෙකු සමග කටයුතු කිරීමේ දී දේශීය ක්‍රීඩකයින් මුහුණ දෙන භාෂා ගැටලු මගහරවා ගැනීමේ අරමුණින් මෙලෙස දේශීය පුහුණුකරුවන් වැඩි වශයෙන් ක්‍රිකට් කණ්ඩායම සමග සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරියෙකු AFP පුවත් සේවය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ මහතා මීට පෙර 2017 වසරේ දී පත් කෙරුණු නමුත්, ඔහුව 2019 වසරේ දී එම ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කළා.

මේ වන විට කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් කටයුතු කරන අතර, 2019 වසරේ දී පත් කෙරුණු ඔහුගේ ධූර කාලය එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව අවසන් වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...