විලියම්සන්ගේ පාරේ යමින් ජමීසන් 20යි 20න් ඉවත් වෙයි

Date:

ඉන්දියාව සමග අද(17) ආරම්භ වන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වේග පන්දු යවන ක්‍රීඩක ක්යිල් ජමීසන් ද ක්‍රීඩා නොකරන බව නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Gary Stead පවසනවා.

ඒ, ඔහු ද ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට සූදානම් වීම සදහා ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් සමග එක්වීම හේතුවෙන්.

නායක කේන් විලියම්සන් ද ටෙස්ට් තරගාවලියට සූදානම් වීමේ අරමුණින් 20යි 20 තරගාවලියට ක්‍රීඩා නොකරන බව මීට පෙර නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ඒ අනුව ටිම් සවුති 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ආබාධයක් හේතුවෙන් 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ ලුකී ෆර්ගියුසන් මේ වන විට සුවය ලබා ඇති බැවින් ඔහු ඉන්දියාවට එරෙහි 20යි 20 තරගාවලිය සදහා ක්‍රීඩා කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...