“පටන් ගත්ත තැනට වඩා අද ශ්‍රී ලංකාව හොද තැනක” : මිකී ආතර් සමු දීම තහවුරු කරයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඇති කොන්ත්‍රාත් ගිවිසුම් කාලය නිමා වීම හේතුවෙන් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව තමා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු නොකරන බව වත්මන් පුහුණුකරු මිකී ආතර් පවසනවා.

ඒ අනුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ක්‍රීඩකයින්ට සහ මෙරට ප්‍රේක්ෂකයින්ට ස්තූතිය පල කිරීමටයි කටයුතු කර ඇත්තේ.

තමා පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම භාර ගන්නා අවස්ථාවට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඉහළ මට්ටමක සිටින බව ද මිකී ආතර් සදහන් කළා.

“මේ විශිෂ්ඨ රටේ පුහුණුවීම් කළ සෑම මිනිත්තුවකටම මම ආදාරය කරනවා” යනුවෙන් ඔහු කියා සිටියා.

මේ අතර, මිකී ආතර් සිය කණ්ඩායමේ ක්‍රිකට් ප්‍රධානියා ලෙස (Head of Cricket) පත් කළ බව බ්‍රිතාන්‍යයේ ඩර්බිෂයර් කණ්ඩායම අද(17) නිවේදනය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...