2027 ලෝක කුසලානයට කණ්ඩායම් සුදුසුකම් ලබන ආකාරය නිවේදනය කෙරේ

Date:

2027 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම් තෝරා ගන්නා ක්‍රමවේදය ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද (17) නිවේදනය කළා.

අදාළ තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිත රටවල් සංඛ්‍යාව 14ක්.

ඒ අනුව පෙර දැනුම් දෙනු ලබන නියමිත දිනයක් අවසන් වන විට ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම පසුවන රටවල් 10 ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලැබීමට නියමිතයි.

සෙසු කණ්ඩායම් 4 තෝරා ගන්නේ ගෝලීය සුදුසුකම් ලැබීමේ තරගාවලි තුළින්.

ප්‍රධාන විධායක කමිටුව සකස් කළ එම ක්‍රමවේදය ඇතුළත් නිර්දේශ වෙනුවෙන් ඊයේ නිමා වූ අයි.සී.සී රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබෙනවා.

2027 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ හා නැමීබියාවේ දී පැවැත්වීමට නියමිතයි.

2023 වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා කණ්ඩායම් 10ක් පමණක් ක්‍රීඩා කරන අතර, ඒ සදහා කණ්ඩායම් සෘජුව තෝරා ගනු ලබන්නේ මේ වන විට ක්‍රියාත්මක වන අයි.සී.සී ලෝක කුසලාන සුපර් ලීගය ඔස්සේයි.

සත්කාරක ඉන්දියාව හා සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන සෙසු කණ්ඩායම් හත 2023 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබන අතර, සෙසු කණ්ඩායම් දෙක තෝරා ගනු ලබන්නේ සුදුසුකම් ලැබීමේ තරගාවලි තුළින්.

මේ අතර, අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ වත්මන් ආකෘතිය ඉදිරියටත් පවත්වා ගෙන යාමට ද ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව වසර දෙකක කාලයක් රටවල් 9කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවන රටවල් දෙක අතර පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...