විලියම්සන්ට 20යි 20 තරගාවලිය අහිමි වෙයි

Date:

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා නවසීලන්ත නායක කේන් විලියම්සන් ක්‍රීඩා නොකරන බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට සූදානම් වීම සදහා ප්‍රමුඛත්වය ලබා දීම හේතුවෙන් ඔහුට 20යි 20 තරගාවලිය අහිමි වන බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව ඉන්දියාවට එරෙහිව හෙට(17) පැවැත්වෙන පළමු 20යි 20 තරගයේ දී නවසීලන්ත කණ්ඩායමේ නායකයා ලෙස ටිම් සවුති කටයුතු කිරීමට නියමිතයි.

20යි 20 ලෝක කුසලානයේ අනුශූරතාවය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම ඊයේ(15) දිනයේ දී ඉන්දියාවේ ජයිපූර් වෙත පැමිණියා.

ආබාධයකට ලක්වීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලිය අහිමි වූ ලුකී ෆර්ගියුසන් මේ වන විට සුවය ලබා ඇති බවත්, ඒ අනුව ඔහු 20යි 20 තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයක පසුවන බවත් නවසීලන්ත ක්‍රිකට් ආයතනය කියා සිටියා.

ක්යිල් ජමීසන්, මිචෙල් සැන්ට්නර්, ඩැරල් මිචෙල් හා ග්ලේන් පිලිප්ස් යන ක්‍රීඩකයින් 20යි 20 හා ටෙස්ට් යන තරගාවලි දෙක සදහාම ක්‍රීඩා කිරීමට සූදානම් බව ද එරට ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...