ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයා ලෙස හසරංග නම් කෙරේ

Date:

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වඩාත් වටිනාමක ක්‍රීඩකයා ලෙස ESPNcricinfo වෙබ් අඩවිය විසින් ශ්‍රී ලංකාවේ වනිදු හසරංග නම් කර තිබෙනවා.

සුපිරි 12 වටයේ දී ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා පමණක් සැලකිල්ලට ගනිමින් ‘ESPNcricinfo දත්ත වාර්තා’ පදනම් කර ගෙන මෙම නම් කිරීම සිදු කිරීමටයි එම වෙබ් අඩවිය පියවර ගෙන ඇත්තේ.

සුපිරි 12 වටයේ දී හසරංග කඩුලු 10ක් දවා ගත් අතර, ඊට දකුණු අප්‍රිකාවට එරෙහිව බිද හෙලූ කඩුලු ත්‍රිත්වයද ඇතුළත්.

ESPNcricinfo දත්ත වාර්තා අනුව වනිදු හසරංගට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 71.6ක්.

ක්‍රීඩකයින් දක්වා ඇති දක්ෂතා සම්බන්ධයෙන් පැති ගණනාවකින් අධ්‍යනය කර මෙම ප්‍රසාද ලකුණු පිරිනමා තිබෙනවා.

ක්‍රීඩකයින් දක්ෂතා දක්වන විට එම තරගය ක්‍රියාත්මක වූ ස්වභාවය මෙන්ම මුහුණ දුන් පීඩන තත්ත්වය ද එහිදී සලකා බැලුණු බව සදහන්.

හසරංග බිද හෙලූ කඩුලු 10 ට ගොදුරු වී ඇති සියලු පිතිකරුවන් අංක 1 සිට අංක 7 දක්වා පිතිකරණයේ නිරත වූවන්.

එංගලන්තයට හා දකුණු අප්‍රිකාවට එරෙහිව හසරංග දැක් වූ දක්ෂතා ද ඉතා ඉහළ මට්ටමක පැවතුණා.

හොදින් ගොඩ නැගෙමින් පවතින සබදතා බිද දමන්නෙකු බවට හසරංග පත් වූ බවත්, අවශ්‍ය අවස්ථාවලදී ඉතා වැදගත් කඩුලු දවා ගැනීමට ඔහු සමත් වූ බවත්, ESPNcricinfo වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේ දී වනිදු හසරංග විසින් ඒඩ්න් මාක්‍රම්, ටෙම්බා බවුමා හා ඩ්වේයන් ප්‍රෙටෝරියස්ගේ කඩුලු දවා ගැනීමට සමත් වුණා.

එංගලන්තයට එරෙහිව ජේසන් රෝයි, ජොනී බෙයාර්ස්ටව් හා ඔයින් මෝර්ගන්ගේ කඩුලු දවා ගැනීමට ද ඔහු සමත් වීම කැපී පෙනුණා.

සෙසු ක්‍රීඩකයින්ට කඩුලු දවා ගැනීමට අපහසු වන අවස්ථාවලදී හසරංග විසින් කඩුලු දවා ගැනීම ද ඔහුගේ ප්‍රසාද ලකුණු ප්‍රමාණය ඉහළ අගයක් ගැනීමට හේතු වී තිබෙනවා.

වනිදු හසරංග ඉනිමක අවසන් පන්දුවාර කිහිපයේ දී (death) ද පන්දුවාර 3ක් යවා කඩුලු 4ක් දවා ගෙන ඇති අතර, ඉනිමේ මැද පන්දුවාර තුළ ද ඔහු පන්දුවාර 14 ක් ක්‍රියාත්මක කර ඇත්තේ පන්දුවාරයකට 6.14ක් පමණක් ලබා දෙමින්.

ප්‍රසාද ලකුණු 55.0ක් හිමි කර ගනිමින් වටිනාම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු චරිත් අසලංක හිමිව තිබීම ද විශේෂත්වයක්.

ලකුණු 225ක් රැස් කර ගත් අසලංකගේ ප්‍රහාරාත්මක වේගය සටහන් වන්නේ 153.06ක් ලෙසයි.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් 20 දෙනා අතර සිටින පිතිකරුවන් කිසිවෙකුටත් එතරම් ප්‍රහාරාත්මක වේගයක් නොමැති වීම කැපී පෙනෙනවා.

බංග්ලාදේශයට එරෙහිව අසලංක ලබා ගත් නොදැවුණු ලකුණු 80 වාර්තා වූයේ දැඩි පීඩනයක් යටතේයි.

ESPNcricinfo දත්ත වාර්තා අනුව තරගාවලියේ වටිනාම ක්‍රීඩක ලැයිස්තුවේ පිළිවෙලින් 3, 4 හා 5 වැනි ස්ථානවල පසුවන්නේ ජොස් බට්ලර්, බබාර් අසාම් හා ඩෙවිඩ් වෝනර්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...