ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

Date:

2022 වසරේ දී නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව ලබන 21 වැනිදා සිට සිම්බාබ්වේහී දී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (16) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය රටවල් 9 කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ‘A’ කාණ්ඩය යටතේ තරග කිරීමට නියමිත අතර, එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය සහ නෙදර්ලන්තයයි.

පැපුවා නිව්ගිනියා කණ්ඩායම ද මෙම කාණ්ඩයට ඇතුළත්ව සිටි නමුත්, කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පිරිසකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට අනාවරණය වීම නිසා ඔවුන් තරගාවලියෙන් ඉවත් වුණා.

මූලික වටයෙන් පසුව ඒ ඒ කාණ්ඩවල පළමු ස්ථාන 3 හිමි කර ගන්නා කණ්ඩායම් සුපිරි 6 වටය සදහා සුදුසුකම් ලබා ගනු ඇති.

අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවන කණ්ඩායම් තුන 2022 වසරේ නවසීලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය යන රටවල් මේ වන විටත් ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා අවසන්.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය : චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා මාධවී (උප නායිකා), නිලක්ෂි ද සි්වා, හසිනි පෙරේරා, සුගන්දිකා කුමාරි, ඕෂදී රණසිංහ, අමා කාංචනා, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, අනුෂ්කා සංජීවනී, කවීෂා දිල්හාරි, තාරිකා සෙව්වන්දි, ප්‍රසාදිනී වීරක්කොඩි, ඉමේෂා දුලානි, විශ්මි රාජපක්ෂ, සචිනි නිසංසලා.

අතිරේක ක්‍රීඩිකාවන් – උමේෂා තිමාෂිනී, කාව්‍යා කාවින්දි, මදුශිකා මෙත්තානන්ද, සත්‍යා සංදීපනී, ලිහිණි අප්සරා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...