වාස්ගේ පළමු පන්දුවාරයට යළි ගොදුරු වූ සුපිරි පිතිකරු සචින්

Date:

චමින්ද වාස් සහ සචින් තෙන්ඩුල්කාර් අතර ක්‍රිකට් පිටියේ සටන බොහෝ සෙයින් උණුසුම්.

“රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස්’’ පන්දුවාර 20යි 20  තරගාවලියේ තිලකරත්න ඩිල්ෂාන් නායකත්වය දැරූ ශී‍්‍ර ලංකන් ලෙජන්ඩ්ස් කණ්ඩායම හා ඉන්දියන් ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර මාර්තු 10 වනදා පැවති තරගයේ දී ද චමින්ද වාස් යොමුකල ප්‍රථම පන්දුවාරයේ තුන්වන පන්දුවෙන්ම හිටපු විශිෂ්ඨ පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ව දවාගැනීමට ඔහු සමත්වෙනවා.

සමස්ත ප්‍රේක්ෂකාගාරය පුරාම පිරී ඉතිරී සිටි ඉන්දීය ප්‍රේක්ෂකයන් සිය වීරයා වන  තෙන්ඩුල්කාර්ගේ  අනර්ඝ පිතිහරඹයක් නැරඹීමට සැදී පැහැදී සිටියත් හුරුපුරුදු පරිදි  චමින්ද වාස් විසින් එම සිහිනය බොඳ කරදැමුවා.

සචින් තෙන්ඩුල්කාර් දැවී ගියේ කඩුලු රකිමින් සිටි රොමේශ් කළුවිතාරණ අතට උඩපන්දුවක් ලබාදෙම්න්.

එම පන්දුවාරයේම ප්‍රථම පන්දුව වාස් විසින්  විරේන්ද්‍ර ෂෙවාග් හට යොමුකරමින් උඩ පන්දුවක් ලබාගැනීමට අවස්ථාව උදා කර ගත්ත ද එය රැකගැනීමට මාවන් අතපත්තු සමත්වුනේ නැහැ.

පෙර පරිදිම පළමු පන්දුවාරයේදී කඩුල්ලක් දවා ගැනීමට තමන් සතු දක්ෂතාවය 46 හැවිරිදි  වියේදී පවා වෙනස්වී නොමැති බවට චමින්ද වාස් ස්නාථ කළේ එලෙසින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...