පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදී ස්ටොක්ස් දැවී ගිය හැටි

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ තෙවන හා අවසන් ටෙස්ට් තරගය ඊයේ මැන්චෙස්ටර් ක්‍රීඩා පිටියේ දී ආරම්භ වුනා.

කාසියේ වාසිය දිනාගනිමින් කොදෙව් නායක ජේසන් හෝල්ඩර් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා කලා.

එම ආරාධනයෙන් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම දිනය නිමා කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 258 ක් ලබා සිටියා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් ඔලී පෝප් ලකුණු 91 ක් හා ජොස් බට්ලර් ලකුණු 56 ක් රැස්කරගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

පෙර තරගයේ දී කොදෙව් කණ්ඩායමට මහත් හිසරදයක් බවට පත්වූ බෙන් ස්ටෝක්ස්ව ලකුණු 20 කට දවාගැනීමට කෙමාර් රෝච් සමත් වුනා.

35 වෙනි පන්දුවාරයේදී රෝච් යොමු කළ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙනුයි  බෙන් ස්ටෝක්ස් දැවී ගියේ.

එහි වීඩියෝ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...