අතපත්තුගේ සුපිරි ප්‍රහාරය වැස්සට සේදෙයි

Date:

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙවර බිග් බෑෂ් ලීග් කාන්තා 20යි 20 තරගාවලිය යටතේ අද(11) පැවැති තරගයකදී සුවිශේෂී පිතිහරඹයක නිරත වීමට සමත් වුණා.

තරගාවලියේ 41 වැනි තරගය වූ මෙම තරගය ඇඩිලේඩ්හී දී පැවැත්වුණේ චමරි නියෝජනය කරන පර්ත් ස්කෝර්චස් කණ්ඩායම හා සිඩ්නි තන්ඩර් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පර්ත් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 2ක් දැවී ලකුණු 184ක් රැස් කළා.

නායිකා Sophie Devine ලකුණු 16කට දැවී ගිය අතර, Chloe Piparo රැස් කළේ ලකුණු 10ක් පමණයි.

අනතුරුව තෙවැනි කඩුල්ලට පන්දු 81කින් නොබිදුණු ලකුණු 135ක සබදතාවයක් ගොඩ නැගීමට බෙත් මූනි හා චමරි අතපත්තු සමත් වුණා.

මූනි නොදැවී ලකුණු 83ක් රැස් කළේ පන්දු 53කින්. හතරේ පහර 13ක් ඇයගේ ඉනිමට ඇතුළත්.

හයේ පහර 2කින් හා හතරේ පහර 8කින් ඉනිම වර්ණවත් කළ චමරි පන්දු 42කින් ලකුණු 70ක් ලබා ගත්තා. (දර්ශන පහතින්)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිඩ්නි කණ්ඩායම පන්දුවාර 2.3ක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 21ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව තරගය ප්‍රතිපලයකින් තොරව අතහැර දැමීමට සිදු වුණා.

මෙවර තරග වාරයේ දී චමරි අතපත්තු ක්‍රීඩා කළ අවසන් තරගය ද අද තරගය වූ අතර, ඇය ඉදිරියේ දී යළි මෙරටට පැමිණෙනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...