CPL අතහැර විදෙස් ක්‍රීඩකයින් LPL තරගාවලියට

Date:

ලන්කන් පි‍්‍රමියර් ලීග් හෙවත් එල්.පී.එල් කි‍්‍රකට් තරගාවලිය පිළිබද මේ වන විට සුබවාදී බලාපොරොත්තුවක් ඇතිව තිබෙනවා.

තරගාවලිය අගෝස්තු 28 වැනිදා ආරම්භ කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත්තේ.

එමෙන්ම විදෙස් කී‍්‍රඩකයෝ ගණනාවක් සී පී එල් තරගාවලිය අතහැර ලන්කන් පි‍්‍රමියර් ලීග් තරගාවලියට එක්වීමට කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් මෙම තරගාවලියට සහභාගිවීම වෙනුවෙන් ගුවන් තොටුපොළේදීම පී සී ආර් පරීක්ෂණ සිදු කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් තරගාවලිය සදහා එක්වන විදෙස් කී‍්‍රඩකයින් නිරෝධායනයට යොමු කළහොත් මෙම තරගාවලිය පැවැත්විය නොහැකි තත්වයක් උද්ගත වනු ඇති.

සී පී එල් තරගාවලිය සදහා ද විදෙස් කී‍්‍රඩකයින් අකමැත්ත පළ කර ඇත්තේ  නීරෝධායන කි‍්‍රයාවලිය හේතුවෙන්.

එහෙත් පී සී ආර් පරීක්ෂණ කඩිනමින් සිදු කරන්නේ නම් එහිදී ලැබෙන පරීක්ෂණ වාර්තාවලට අනුව ක්‍රීඩකයින්ව නිරෝධායනයට යොමු කරනවාද නැද්ද යන්න තීරණය කළ හැකි බව විදෙස් කි‍්‍රඩකයින්ගේ අදහස වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...