ඉන්දීය 20යි 20 නායකත්වය ෂර්මාට ; නවසීලන්තයට එරෙහි සංචිතයත් නම් කෙරේ

Date:

ඉන්දීය 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස රෝහිට් ෂර්මා පත් කර තිබෙනවා.

ඒ, මෙතෙක් 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ විරාට් කෝලි මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව නායකත්වයෙන් ඉවත් වීම හේතුවෙන්.

නවසීලන්තය සමග ලබන 17 වනදා ආරම්භ වන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය සදහා වන ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ඉන්දීය සංචිතය ද අද(9) ප්‍රකාශයට පත් කෙරුණා.

එම තරගාවලියෙන් විරාට් කෝලි විවේක ගැන්වීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

කණ්ඩායමේ උප නායකයා ලෙස කේ.එල් රාහුල් පත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

ඉන්දියාව හා නවසීලන්තය අතර 20යි 20 තරගාවලිය ලබන 17, 19 හා 21 යන දිනවලදී ජයිපූර්, රංචි හා කොල්කටා යන ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිතයි.

India’s T20I squad:

Rohit Sharma (Captain), KL Rahul (Vice-Captain), Ruturaj Gaikwad, Shreyas Iyer, Suryakumar Yadav, Rishabh Pant (wicket-keeper), Ishan Kishan (wicket-keeper), Venkatesh Iyer, Yuzvendra Chahal, R Ashwin, Axar Patel, Avesh Khan, Bhuvneshwar Kumar, Deepak Chahar, Harshal Patel, Mohd. Siraj

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...