ශ්‍රී ලංකා A නායකත්වය කමිදුට ; 4ක් සංචිතයට එද්දී 7ක් ඉවතට

Date:

පාකිස්තාන A කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා A සංචිතයට තවත් ක්‍රීඩකයින් සිව් දෙනෙකු කැදවා තිබෙනවා.

කමිදු මෙන්ඩිස් ද එලෙස සංචිතයට කැදවා ඇති අතර, ඔහු කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

සංචිතයට කැදවූ සෙසු ක්‍රීඩකයින් තිදෙනා වන්නේ අශේන් බණ්ඩාර, පුලින තරංග හා ශිරාන් ප්‍රනාන්දු යන අයයි.

මේ අතර, පාකිස්තාන A කණ්ඩායම සමග පැවැති සිව්දින තරගාවලිය වෙනුවෙන් නම් කර සිටි ඕෂද ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙණිය, අසිත ප්‍රනාන්දු, කමිල් මිෂාර, සුමින්ද ලක්ෂාන් හා චාමික ගුණසේකර සංචිතයෙන් නිදහස් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන එක්දින තරගාවලිය හෙට(10) දඹුල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...