ක්‍රිස් ගේල් කොළඹට ; LPL කණ්ඩායම් පහේ ප්‍රධාන විදෙස් ක්‍රීඩකයින් මෙන්න

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරට එක්වන විදේශීය ‘සුවිශේෂී’ කාණ්ඩයට අයත් ක්‍රීඩකයින් (Icon Overseas players) මේ වන විට සියලු කණ්ඩායම් විසින් තෝරා ගෙන අවසන්ව තිබෙනවා.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන බවයි තරගාවලි සංවිධායකයින් නිවේදනය කළේ.

දකුණු අප්‍රිකාවේ ෆෆ් ඩු ප්ලෙසිස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සුවිශේෂී ක්‍රීඩකයා ලෙසත්, පාකිස්තානයේ මොහොමඩ් හෆීස් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ සුවිශේෂී ක්‍රීඩකයා ලෙසත් තෝරා ගෙන තිබෙනවා.

කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ සුවිශේෂී ක්‍රීඩකයා වන්නේ කොදෙව් ක්‍රීඩක රොව්මන් පවෙල්.

දකුණු අප්‍රිකාවේ ඉම්රාන් තහීර් සිය කණ්ඩායමේ සුවිශේෂී ක්‍රීඩකයා ලෙස තෝරා ගනු ලැබුවේ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමයි.

මෙවර තරගාවලියට අදාළ ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා.

මෙවර තරගාවලියට එක්වන කණ්ඩායම් 5 –

  • ජැෆ්නා කිංග්ස් (Jaffna Kings)
  • කලම්බු ස්ටාර්ස් (Colombo Stars)
  • ගෝල් ග්ලැඩියේටර්ස් (Galle Gladiators)
  • කැන්ඩි වොරියර්ස් (Kandy Warriors)
  • දඹුල්ල ජයන්ට්ස් (Dambulla Giants)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...