RCB කණ්ඩායමට නව ප්‍රධාන පුහුණුකරුවෙක්

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එම කණ්ඩායමේ පිතිකරණ උපදේශක සංජේ බංගර් (Sanjay Bangar) පත් කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ ඔහු ඉන්දීය කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ද මීට පෙර කටයුතු කර තිබූ අතර, ඉදිරි වසර දෙකක කාලය සදහා සංජේ බංගර් ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කළ බවයි බැංගලෝර් කණ්ඩායම නිවේදනය කළේ.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ පුහුණුකරු ලෙස මීට පෙර සයිමන් කැටිච් කටයුතු කළ නමුත්, ඔහු 2021 තරග වාරයේ දෙවැනි අදියර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට පෙර පෞද්ගලික හේතුවක් මත සිය ධූරයෙන් ඉල්ලා අස් වුණා.

අනතුරුව ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ මයික් හෙසන් කණ්ඩායමේ පුහුණුකරු ලෙස තාවකාලිකව පත් කිරීමටයි කටයුතු කෙරුණේ.

මයික් හෙසන් ඉදිරියටත් ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ඇති.

බැංගලෝර් කණ්ඩායමේ නායකයා ලෙස මෙතෙක් කටයුතු කළ විරාට් කෝලි ද නිමා වූ තරග වාරයෙන් පසුව නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළා.

ඒ අනුව එළඹෙන තරග වාරයේ දී RCB කණ්ඩායමට නව නායකයෙකු ද පත් කර ගැනීමට සිදු වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...