කඩුලු 9කින් නැමීබියාව පරදා කෝලි 20යි 20 නායකත්වයට සමු දෙයි

Date:

තමා නායකත්වය දැරූ අවසන් පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරගය ජයග්‍රහනයකින් නිමා කිරීමට ඉන්දීය නායක විරාට් කෝලි අද(8) සමත් වුණා.

ඒ, මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ අවසන් තරගයෙන් නැමීබියාව පරදා ඉන්දීය කණ්ඩායම කඩුලු 9ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමා 20යි 20 නායකත්වයෙන් ඉවත් වන බව විරාට් කෝලි තරගාවලියට පෙරම සදහන් කර තිබූ අතර, පුහුණුකරු රවී ශාස්ත්‍රිගේ ධූර කාලය ද මෙම තරගයත් සමග අවසන් වනවා.

ඩුබායිහි පැවැති මෙම තරගය 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ 42 වන තරගය වූ අතර, තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි නැමීබියාව නියමිත පන්දුවාර 20 නිමා ක‍ළේ කඩුලු 8ක් දැවී ලකුණු 132ක් වාර්තා කරමින්.

ඩේවිඩ් වීසා ලකුණු 26ක් හා Stephan Baard ලකුණු 21ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රවිචන්ද්‍රන් අශ්වින් හා රවීන්ද්‍ර ජඩේජා කඩුලු 3 බැගින් දවා ගත් අතර, ජස්ප්‍රිට් බුම්රා කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 15.2ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(136/1)

රෝහිට් ෂර්මා පන්දු 37කින් ලකුණු 56ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් සමගින්.

කේ එල් රාහුල් පන්දු 36කින් නොදැවී ලකුණු 54ක් රැස් කළේ සිය ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් එක්කරමින්.

20යි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පුර්ව තරගය එංගලන්තය හා නවසීලන්තය අතර එළඹෙන 10 වැනිදා අබුඩාබි හී දී පැවැත්වීමට නියමිතයි.

දෙවැනි අවසන් පූර්ව තරගය එළඹෙන 11 වැනිදා ඩුබායි හී දී පැවැත්වෙන්නේ පාකිස්තානය හා ඔස්ට්‍රේලියාව අතරයි.

එම තරග දෙකම මෙරට වේලාවෙන් ආරම්භ වන්නේ රාත්‍රී 7.30ටයි.

තරගාවලියේ අවසන් මහා තරගය ලබන 14 වැනිදා ඩුබායි හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...