රෝයි තරගාවලියෙන් ඉවතට ; ආදේශක ක්‍රීඩකයාත් නම් කෙරේ

Date:

එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයිට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වී තිබෙනවා.

ඒ, පසුගියදා දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයේ දී ඔහුගේ පාදයක සිදු වූ ආබාධය හේතුවෙන්.

රෝයි වෙනුවට ජේම්ස් වින්ස් එංගලන්ත සංචිතයට කැදවීමට පියවර ගෙන ඇති අතර, ඒ සදහා තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය ද හිමිව තිබෙනවා.

වින්ස් එංගලන්ත සංචිතය සමග මෙතෙක් රැදී සිටියේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙසයි.

ජේසන් රෝයි මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී එංගලන්තය මෙතෙක් ක්‍රීඩා කළ තරග පහම ක්‍රීඩා කළ අතර, එහිදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 123ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...