විනය තමයි එක, තහනම ඉවර වුණාම ඔවුන් තිදෙනාට LPL ක්‍රීඩා කළ හැකියි : ක්‍රීඩා ඇමති

Date:

මේ වන විට තරග තහනමකට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් තිදෙනා කණ්ඩායමට යළි කැදවීම සදහා සලකා බලන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් සිදු කළා.

ඒ, අද(8) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් මෙම සලකා බැලීම සිදුකළ යුතු බව මන්ත්‍රීවරයාගේ අදහසයි.

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක මේ වන විට වසරක ජාත්‍යන්තර තරග තහනමකට හා මාස 6ක දේශීය තරග තහනමකට ලක්ව සිටින්නේ ජූනි මස සිදු කෙරුණු එංගලන්ත තරග සංචාරය අතරතුර දී ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් කටයුතු කිරීමේ සිද්ධියට වරදකරුවන් වීම හේතුවෙන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පල කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කළේ විනය සදහා ප්‍රමුඛතාවය ලබා දීම වැදගත් බවයි.

දේශිය තරග තහනම අවසන් වීමෙන් පසුව ඔවුන් තිදෙනාට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතින බවත්, වසරක තහනම නිමා වීමෙන් අනතුරුව ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ හැකියාව පවතින බවත් නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...