ප්‍රබල පාකිස්තානය අපරාජිතව අවසන් පූර්ව වටයට

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය අපරාජිතව අවසන් කරමින් දෙවැනි කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගැනීමට ප්‍රබල පාකිස්තාන කණ්ඩායම අද(7) සමත් වුණා.

ඒ, තරගාවලියේ 41 වැනි තරගයෙන් ස්කොට්ලන්ත කණ්ඩායම ලකුණු 72කින් පරාජයට පත් කරමින්.

සාජාහී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි පාකිස්තාන පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 4ක් දැවී ලකුණු 189ක් රැස් කරමින්.

තරගාවලියේ සිව්වැනි අර්ධ ශතකය ද වාර්තා කළ නායක බබාර් අසාම් පන්දු 47කින් ලකුණු 66ක් ලබා ගත්තා. හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

මොහොමඩ් හෆීස් පන්දු 19කින් වේගවත් ලකුණු 31ක් රැස් කළා.

තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සම කරමින් සුපිරි ප්‍රහාරයක් එල්ල කළ ෂොයිබ් මලික් පන්දු 18කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේ ඉනිමේ අවසන් පන්දුවේ දී යි. ඔහු ලකුණු 54ක් නොදැවී රැස් කළේ හයේ පහර 6ක් හා හතරේ පහරක් සමගින්.

පන්දු යැවීමේ දී Chris Greaves ලකුණු 43කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්තයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 117ක් පමණයි.

Richie Berrington නොදැවී ලකුණු 54ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ශඩාබ් ඛාන් කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...