පාකිස්තානයේ ජයත් සමග තහවුරු වූ අවසන් පූර්ව වටයේ තරග කාලසටහන මෙන්න

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ එක් තරගයක් හැරුණු විට සියලු තරග මේ වන විට පවත්වා අවසන්ව තිබෙනවා.

සුපිරි 12 වටයේ අවසන් තරගය හෙට(8) පැවැත්වෙන්නේ ඉන්දියාව හා නැමීබියාව අතරයි.

එම තරගයේ ප්‍රතිපලය තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා කිසිදු අයුරකින් බලපෑමක් සිදු කරන්නේ නැහැ.

ඒ අනුව තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා මේ වන විට පළමු කාණ්ඩයෙන් එංගලන්තය හා ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලබා ඇත්තේ එම කාණ්ඩයේ පිළිවෙලින් පළමු ස්ථානය හා දෙවැනි ස්ථානය දිනා ගනිමින්.

එම කණ්ඩායම් දෙකම තරග 5ක් ක්‍රීඩා කර ඉන් තරග 4ක් ජය ගැනීමට සමත් වුණා.

දෙවැනි කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ අපරාජිතව එම කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගත් පාකිස්තානය හා දෙවැනි ස්ථානයේ පසුවන නවසීලන්තයයි.

පාකිස්තානය සහභාගී වූ තරග පහම ජය ගනිද්දී නවසීලන්තය ක්‍රීඩා කළ තරග 5න් 4ක් ජය ගැනීමට සමත් වුණා.

තරගාවලියේ පළමු අවසන් පුර්ව තරගය එළඹෙන 10 වැනිදා අබුඩාබි හී දී පැවැත්වීමට නියමිතයි.

ඒ, එංගලන්තය හා නවසීලන්තය අතරයි. එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය තිබෙනවා.

දෙවැනි අවසන් පූර්ව තරගය එළඹෙන 11 වැනිදා ඩුබායි හී දී පැවැත්වෙන්නේ පාකිස්තානය හා ඔස්ට්‍රේලියාව අතරයි.

එම තරගය ද මෙරට වේලාවෙන් ආරම්භ වන්නේ රාත්‍රී 7.30ටයි.

තරගාවලියේ අවසන් මහා තරගය ලබන 14 වැනිදා ඩුබායි හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...