සධීරගේ හා මිෂාරගේ සටන්කාමී පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා A පරාජයෙන් ගැළවෙයි

Date:

සධීර සමරවික්‍රම නොදැවී වාර්තා කළ සුපිරි ශතකයෙන් හා කමිල් මිෂාර රැස් කළ ලකුණු 98 හේතුවෙන් පාකිස්තාන A (Pakistan Shaheens) කණ්ඩායම සමග පැවැති දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය ද ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද(7) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන A කණ්ඩායම ලකුණු 394ක් ලබා ගත්තා.

Abdullah Shafique ලකුණු 117ක් ද, Agha Salman ලකුණු 103ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී චාමික ගුණසේකර ලකුණු 83කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පළමු ඉනිමට ලබා ගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 67ක් පමණයි.

නසීම් ශාම් කඩුලු 4ක් හා කුරාම් ශහ්සාඩ් කඩුලු 3ක් දවා ගත්තා.

ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැළවීමේ අරමුණින් අඛණ්ඩව දෙවැනි ඉනිම ද ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා A කණ්ඩායම තරගයේ සිව්වන හා අවසන් දිනය වූ අද(7) දිනය නිමා වන විට කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 317ක්.

නායක සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 151ක් ලබා ගත්තේ හයේ පහරක් හා හතරේ පහර 26ක් සමගින්.

කමිල් මිෂාර ලකුණු 98කට දැවී ගියා.

කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය ලබන 10 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...