අති විශිෂ්ඨ උත්සාහයකින් ඩැරල් මිචෙල් හයේ පහර ලකුණු 2කට සීමා කරයි (video)

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද(7) පැවැති තීරණාත්මක තරගය අතරතුර විශිෂ්ඨ පන්දු රැකීමක් ප්‍රදර්ශනය කිරීමට නවසීලන්ත ක්‍රීඩක ඩැරල් මිචෙල් සමත්වුණා.

තරගාවලියේ 40 වන තරගය ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගෙන ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම කඩුලු 08 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 124 ක්.

ඇෆ්ඝනිස්තාන ඉනිමේ අවසන් පන්දුවාරයේ පළමු පන්දුවට මිඩ් විකට් කලාපය දෙසින් හයේ පහරක් එල්ල කිරීමට රෂීඩ් ඛාන් උත්සාහ කළා.

කෙසේ වෙතත්, හයේ සීමාව අසල පන්දු රකිමින් සිටි ඩැරල් මිචෙල් උඩු ගුවනේ පාවී ගොස් එම පහර ලකුණු 2 කට සීමා කිරීමට සමත් වීම විශේෂත්වයක්.

උඩ පන්දුව සාර්ථකව රැක ගැනීමට නොහැකි වුවත්, හයේ පහර නවතා ගැනීමට ඔහු දැරූ උත්සාහය බොහෝ ක්‍රිකට් රසිකයන්ගේ මහත් ප්‍රශංසාවට ලක්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...