දකුණු අප්‍රිකාව ලෝක කුසලානයෙන් ඉවතට

Date:

මෙවර පන්දුවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව අද(16) සමත් වුණා.

ඒ අනුව දකුණු අප්‍රිකාවට තරගාවලියෙන් ඉවත් වීමටයි සිදු වුණේ.

තරගාවලියේ 39 වන තරගය අද(6) රාත්‍රී කාලයේ දී සාජා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණේ දකුණු අප්‍රිකාව හා එංගලන්තය අතරයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 2ක් දැවී ලකුණු 189ක් රැස් කළා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අභිබවා යමින් දකුණු අප්‍රිකාව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් මෙම තරගයේ දී එංගලන්තය ලකුණු 131කට හෝ ඊට අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට දකුණු අප්‍රිකාවට සිදු වුණා.

කෙසේ වෙතත්, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 15.2ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 131 සීමාව පසු කර යාමත් සමග තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට දකුණු අප්‍රිකාවට සිදු වුණා.

ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකෙන් එකක් හිමි කර ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් එංගලන්තයට මෙම තරගයේ ජය අනිවාර්යය නොවූ අතර, ඔවුන්ට ඒ සදහා ලබා ගැනීමට අවශ්‍ය වූයේ ලකුණු 87ක් පමණයි.

ඒ අනුව පළමු කාණ්ඩයෙන් එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටය සදහා මේ වන විට සුදුසුකම් ලබා අවසන්.

දෙවැනි කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සදහා මේ වන විට සුදුසුකම් ලබා ඇත්තේ පාකිස්තානය පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...