එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායමට බවට පත් වීමට එංගලන්තය අද(6) සමත් වුණා.

ඒ, දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියේ 39 වන තරගය අතරතුර දී යි.

සාජා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 2ක් දැවී ලකුණු 189ක් රැස් කළා.

අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකෙන් එකක් හිමි කර ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් එංගලන්තයට මෙම තරගයේ ජය අනිවාර්යය නොවූ අතර, ඔවුන්ට ඒ සදහා ලබා ගැනීමට අවශ්‍ය වූයේ ලකුණු 87ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය එම ලකුණු ප්‍රමාණය (87) පන්දුවාර 10.4ක් අවසානයේ කඩුලු 2ක් දැවී සපුරා ගැනීමත් සමගයි ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ.

ඔස්ට්‍රේලියාව අභිබවා දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් මෙම තරගයේ දී එංගලන්තය ලකුණු 131කට හෝ ඊට අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට දකුණු අප්‍රිකාවට සිදු වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...