කොදෙව්වන් පරදා ඔස්ට්‍රේලියාව තවත් පියවරකින් අවසන් පූර්ව වටයට ළගා වෙයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තවදුරටත් ඉහළ නංවා ගැනීමට ඔස්ට්‍රේලියාව අද(6) පස්වරුවේ සමත් වුණා.

ඒ, තරගාවලියේ 38 වන තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදා කඩුලු 8ක ජයක් වාර්තා කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 7ක් දැවී ලකුණු 157ක් රැස් කළා.

ඉනිම ආරම්භ කළ ක්‍රිස් ගේල් හයේ පහර දෙකක් සමගින් ලකුණු 15ක් ලබා ගත්තා. මෙම තරගය බොහෝ විට ලෝක මට්ටමේ තරගාවලියක ක්‍රිස් ගේල් ක්‍රීඩා කළ අවසන් තරගය වනු ඇති.

එවින් ලුවිස් ලකුණු 29කට දැවී ගිය අතර, ශිම්රන් හෙට්මයර් ලකුණු 27යි. නායක කිරන් පොලාඩ් පන්දු 31කින් ලකුණු 44ක් රැස් කළා.

සිය අවසන් ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළ ඩ්වේයන් බ්‍රාවෝ ලකුණු 10කට දැවී ගියා. ඇන්ඩ්‍රි රසල් පන්දු 7කින් ලකුණු 18ක් නොදැවී ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් ලකුණු 39කට කඩුලු 4ක් දවා ගත් අතර, මිචෙල් ස්ටක්, පැට් කමින්ස් හා ඇඩම් සම්පා කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 16.2ක් අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(161/2)

සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් වෝනර් පන්දු 56කින් නොදැවී ලකුණු 89ක් ලබා ගත්තා. හයේ පහර 4කින් හා හතරේ පහර 9කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

මිචෙල් මාෂ් පන්දු 32කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 53ක්. හයේ පහර දෙකක් හා හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී අකීල් හුසෙයින් හා ක්‍රිස් ගේල් කඩුල්ල බැගින් දවා ගත්තා.

ගේල් සිය කඩුල්ල ලෙස මිචෙල් මාෂ් දවා ගැනීමෙන් පසුව එය සමරනු ලැබූ ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට ද සමත් වුණා. (දර්ශන පහතින්)

පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක තීරණය වනුයේ අද රාත්‍රියේ පැවැත්වෙන එංගලන්ත – දකුණු අප්‍රිකා තරගයේ ප්‍රතිපලය අනුවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...