ශකිබ්ට පාකිස්තාන තරගාවලියත් අහිමි වෙයි

Date:

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ඔහුගේ පාදයක සිදු වූ ආබාධය හේතුවෙන්.

කෙසේ වෙතත්, 20යි 20 තරගාවලියෙන් පසුව පාකිස්තානය සමග පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ශකිබ්ගේ ආබාධය සුව වීම සදහා සති 3ක පමණ කාලයක් ගත වනු ඇති.

දෙරට අතර 20යි 20 තරගාවලිය ඩකා නුවර මීර්පූර්හි ෂෙර්-ඉ-බංග්ලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලබන 19, 20 හා 22 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගය ලබන 26 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 4 වැනිදා ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...