තලේබාන් අර්බුදය නිසා ඇෆ්ඝනිස්තාන ටෙස්ට් තරගය ඔස්ට්‍රේලියාව කල් දමයි

Date:

ඔස්ට්‍රේලියාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය කල් දැමීමට කටයුතු කළ බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබෙනවා.

ඇෆ්ඝනිස්තානයේ තත්ත්වය “පැහැදිලි” වනතුරු එම පියවර ගත් බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මෙම ඓතිහාසික ටෙස්ට් තරගය හෝබාර්ට්හී දී පැවැත්වීමට නියමිතව තිබුණේ නොවැම්බර් 27 වනදා සිටයි.

ඔස්ට්‍රේලියාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වීමට නියමිත ඉතිහාසයේ පළමු ටෙස්ට් තරගය එය වීම විශේෂත්වයක්.

එම තරගය 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට පළමුව සැලසුම් කර තිබුණත්, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් එය කල් දැමුණා.

තලේබාන් සංවිධානය ඇෆ්ඝනිස්තානයේ පාලන බලය අත්පත් කර ගැනීමත් සමග එරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය අවිනිශ්චිත වීම හේතුවෙන් මීට පෙර ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළේ අදාළ ටෙස්ට් තරගය කල් දැමීමට කටයුතු කරන බවයි.

“අදාළ පාර්ශ්වකරුවන් සමඟ පුළුල් සාකච්ඡාවකින් පසුව ඇෆ්ගනිස්තානයට එරෙහි මංගල ටෙස්ට් තරගය කල් දැමීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සහ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය එකඟ වී තිබේ.” 

යනුවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළා.

“ඇෆ්ගනිස්ථානයේ සහ ලොව පුරා කාන්තාවන් හා පිරිමින් සඳහා ක්‍රීඩාව වර්ධනය කිරීමට සහාය වීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය කැපවී සිටියි. කෙසේ වෙතත්, වර්තමාන අවිනිශ්චිතතාවය අනුව, තත්වය වඩාත් පැහැදිලි වන තෙක් ටෙස්ට් තරඟය කල් දැමීම අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට හැඟුණි.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...