විස්ඩන් කුසලානය විශ්‍රාම ගන්වයි – නව කුසලානය රිචර්ඩ්ස් හා බෝතම් වෙනුවෙන්

Date:

එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලි මින් ඉදිරියට විස්ඩන් කුසලානය සදහා නොපැවැත්වීමට දෙරටේ ක්‍රිකට් ආයතන තීරණය කර තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලි රිචර්ඩ්ස් – බෝතම් කුසලානය වෙනුවෙන් පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

කොදෙව් දේශයේ හා එංගලන්තයේ හිටපු සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙකු වන විවියන් රිචර්ඩ්ස් සහ ඉයන් බෝතම්ට උපහාරයක් ලෙස මෙම නම් කිරීම සිදු කර තිබෙනවා.

විස්ඩන් කුසලානය පළමු වරට හදුන්වා දෙනු ලැබුවේ 1963 වසරේ දී යි.

ඒ, විස්ඩන් සගරාවට වසර සියයක් සපිරීම නිමිති කර ගනිමින්.

ඒ අනුව අද(24) මැන්චෙස්ටර්හී දී එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ආරම්භ වන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය විස්ඩන් කුසලානය වෙනුවෙන් එම කණ්ඩායම් දෙක තරග වදින අවසන් අවස්ථාව වනු ඇති.

අනතුරුව විස්ඩන් කුසලානය ලෝඩ්ස්හි ඇති එම්.සී.සී කෞතුකාගාරයේ තැන්පත් කිරීමට නියමිතයි.

“මෙය මට සහ මගේ හොදම මිතුරෙකු වන ඉයන්ට විශාල ගෞරවයක්”

යනුවෙන් විවියන් රිචර්ඩ්ස් සදහන් කළා.

“බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ටෙස්ට් ක්‍රීඩා කිරීම ගොඩක් අමාරු දෙයක්. මෙම කුසලානය අපේ නම්වලින් නම් කිරීම අපිට ලොකු ගෞරවයක්.”

යනුවෙනුයි ඉයන් බෝතම් සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...