බංග්ලාදේශය අඛණ්ඩව 5 වැනි පරාජය ලබද්දී ඔස්ට්‍රේලියාව දෙවැනි තැනට

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය කිසිදු ජයග්‍රහනයක් වාර්තා නොකර අවසන් කිරීමට බංග්ලාදේශයට අද(4) සිදු වුණා.

ඒ, ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගාවලියේ 34 වන තරගයෙන් බංග්ලාදේශය කඩුලු 8ක දැවැන්ත පරාජයක් ලැබීම හේතුවෙන්.

ඩුබායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශයට සියලු දෙනා දැවී පන්දුවාර 15ක් අවසානයේ ලබා ගත හැකි වූයේ ලකුණු 73ක් පමණයි.

ශමිම් හුසේන් ලකුණු 19ක්, මොහොමඩ් නයීම් ලකුණු 17ක් හා නායක මහ්මුදුල්ලාහ් ලකුණු 16ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඇඩම් සම්පා ලකුණු 19කට බිද හෙලූ කඩුලු ගණන 5ක්.

ඔහුට කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට ද අවස්ථාවක් උදා වූ නමුත්, කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ් විසින් උඩ පන්දුවක් අත්හැරීම හේතුවෙන් එම අවස්ථාව මග හැරී ගියා. (දර්ශන පහතින්)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 6.2ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක ආරොන් ෆින්ච් පන්දු 20කින් ලකුණු 40ක් රැස් කළේ හයේ පහර 4ක් හා හතරේ පහර 2ක් සමගින්.

මෙම ජයත් සමග ඔස්ට්‍රේලියාව පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...