ඉන්දියාව අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු රදවා ගනියි

Date:

මෙවර පන්දුවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තවදුරටත් රදවා ගැනීමට ඉන්දියාව අද(3) සමත් වුණා.

ඒ, තරගාවලියේ 33 වන තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරදා ලකුණු 66ක දැවැන්ත ජයක් වාර්තා කිරීමත් සමගයි.

එය මෙවර තරගාවලියේ දී ඉන්දියාව ලැබූ පළමු ජයග්‍රහනයයි.

ඔවුන් තරග දෙකක් පරාජයට පත්ව ඇති අතර, මේ වන විට හිමි කර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 2ක්.

අබුඩාබිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසන් කළේ මෙවර තරගාවලියේ දී කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්.

ඔවුන්ගේ ඉනිම කඩුලු 2ක් දැවී සටහන් වුණේ ලකුණු 210ක් ලෙසයි.

ආරම්භක කඩුල්ල සදහා කේ.එල් රාහුල් හා රෝහිට් ෂර්මා අතර පන්දු 89කින් ගොඩ නැගුණු සබදතාවය ලකුණු 140ක්.

රෝහිට් ෂර්මා පන්දු 47කින් වේගවත් ලකුණු 74ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 8ක් සමගින්.

රාහුල් පන්දු 48කින් ලකුණු 69ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් සමගින්.

ඔවුන් දෙදෙනාගේ දැවී යාමෙන් පසුව තෙවැනි කඩුල්ල සදහා පන්දු 21කින් නොබිදුණු ලකුණු 63ක සබදතාවයක් ගොඩ නැගීමට රිෂාබ් පාන්ට් (27*) හා හර්ඩික් පාන්ඩ්යා (35*) සමත් වුණා.

පන්දු යැවීමේ දී ගුල්බදීන් නයිබ් හා කරීම් ජනට් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානයට කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 144ක් පමණයි.

කරීම් ජනට් පන්දු 22කින් නොදැවී ලකුණු 42ක් හා නායක මොහොමඩ් නබී ලකුණු 35ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මොහොමඩ් ෂාමි කඩුලු 3ක් හා රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 2ක් බිද හෙලුවා.

ඉන්දියාවට මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් වටයට පිවිසීම සදහා යම් බලාපොරොත්තුවක් තබා ගැනීමටනම් ඔවුන් ඉතිරි තරග දෙකම ජය ගත යුතු අතර, නවසීලන්තය ද ඔවුන් ක්‍රීඩා කරන ඉතිරි තරග දෙකෙන් එක් තරගයක් පරාජය වීම අනිවාර්යය වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...