බුබුල කැඩූ විනිසුරු ලෝක කුසලානයෙන් ඉවත් වෙයි

Date:

එංගලන්ත විනිසුරුවරයෙකු වන Michael Gough මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.

ඒ, ඔහු තරගාවලියේ ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කිරීමේ සිද්ධිය පදනම් කර ගනිමින්.

එම සිද්ධිය හේතුවෙන් ඔහුට ඔක්තෝබර් 28 වනදා සිට දින හයක කාලයක් සදහා තරගාවලියට සම්බන්ධ වීමේ තහනමක් ද ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පනවා තිබුණා.

අවසරයකින් තොරව Michael Gough තමා නවාතැන් ගෙන සිටි හෝටලයෙන් පිටත්ව ගොස් ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවත්ව තිබූ බවටයි අනාවරණය වී තිබුණේ.

දින 6ක තහනමෙන් පසුව ඔහු යළි විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට නියමිතව තිබුණත් මේ වන විට ඔහු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...