වැඩිම 20යි 20 ජයග්‍රහන ප්‍රමාණයක් වාර්තා කළ නායකයා ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන අස්ගර් ඇෆ්ඝන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට(31) නැමීබියාවට එරෙහිව මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන තරගය ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරගය වනු ඇති.

33 හැවිරිදි අස්ගර් ඇෆ්ඝන් ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 6කට, එක්දින තරග 114කට හා 20යි 20 තරග 74කට ක්‍රීඩා කර තිබෙනවා.

එහිදී ඔහු ලබා ඇති සමස්ත ලකුණු සංඛ්‍යාව 4,215ක්.

අස්ගර් ඇෆ්ඝන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ නායකයා ලෙස තරග 115කදී කටයුතු කර තිබෙනවා.

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටෙස්ට් නායකයා ලෙසයි ඔහු ඉතිහාසගත වුණේ.

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ 20යි 20 ජාත්‍යන්තර තරග වැඩිම ප්‍රමාණයක් ජය ගත් නායකයා (තරග 42ක්) ලෙස ද ඔහු වාර්තා අතරට එක්ව සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...