යූරෝ 20යි 20 ක්‍රිකට් තරගාවලිය යළි කල් යයි

Date:

පළමු වරට මෙම වසරේ දී සංවිධාන කිරීමට නියමිතව තිබූ යූරෝ T20 ස්ලෑම් ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඒ, කොරේානා වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිව තිබෙන සියලු තත්ත්වයන් සලකා බැලීමෙන් පසුවයි.

2020 වසරේ දී තරගාවලිය සංවිධාන කිරීමට හැකි කාලවකවානුවක් පිළිබද තරගාවලි සංවිධායකයින්, මූල්‍ය අනුග්‍රාහකයින්, ස්කොට්ලන්ත, නෙදර්ලන්ත සහ අයර්ලන්ත ක්‍රිකට් ආයතන අතර සාකච්ඡා සිදුව ඇති නමුත් තරගාවලිය ලබන වසර දක්වා කල් දැමීමටයි තීරණය කර ඇත්තේ.

මෙය පසුගිය වසරේ දී ද පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, අවසන් මොහොතේ තරගාවලිය මෙම වසරට කල් දැමීමට කටයුතු කෙරුණා.

මාර්ටින් ගප්ටිල්, ඉයන් මෝර්ගන් සහ ශහීඩ් අෆ්රිඩි වැනි ක්‍රීඩකයින් ද තරගාවලියට එක්වීමටයි නියමිතව තිබුණේ.

තරගාවලිය සදහා ස්කොට්ලන්තය, නෙදර්ලන්තය සහ අයර්ලන්තයේ නගර කේන්ද්‍රකර ගත් කණ්ඩායම් 6ක් තරග වැදීමට නියමිතව තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...