දකුණු අප්‍රිකාව පරාජය කරන්නනම් ශ්‍රී ලංකාව කළ යුතු දේ ඉන්දීය ප්‍රවීන ක්‍රීඩා විචාරකයා පහදයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ දකුණු අප්‍රිකාව සමග අද(30) පැවැත්වෙන තරගය ජය ගැනීමටනම් ශ්‍රී ලංකාව සිය ශක්තිය හදුනා ගනිමින් ඒ අනුව ක්‍රීඩා කළ යුතු බව ඉන්දීය ක්‍රීඩා විචාරකයෙකු මෙන්ම කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිටපු අධ්‍යක්ෂ Joy Bhattacharjya පවසනවා.

ඒ, ක්‍රික්බස් වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේ දී අමතර දග පන්දු යවන්නෙකු සමග ක්‍රීඩා කිරීම වැදගත් බවයි.

ඒ අනුව ළහිරු කුමාර හෝ දුෂ්මන්ත චමීර වෙනුවට අකිල ධනංජය කණ්ඩායමට කැදවීම වැදගත් බව ඔහුගේ අදහසයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නායක දසුන් ශානක ඊයේ(29) පැවැති මාධ්‍ය හමුවේ දී පල කළ අදහස් අනුව අද තරගය සදහා ද ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලකිය යුතු වෙනසක් සිදු වන්නේ නැහැ.

අමතර දග පන්දු යවන්නෙකු කණඩායමට ඇතුළත් කිරීමට අවධානය යොමුව තිබුණත්, තරගය පැවැත්වෙන සාජා ක්‍රීඩාංගනයේ තණතීරුව දග පන්දු යවන්නන්ට වඩා වේග පන්දු යවන්නන්ට යම් වාසි සහගත තත්ත්වයක් පවතින බවට නිරීක්ෂණය වන බැවින් කණ්ඩායම් සංයුතියේ වෙනසක් දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේ දී සිදු නොවනු ඇති බව ශ්‍රී ලංකා නායකයා සදහන් කළා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...