කණ්ඩායමේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ : දකුණු අප්‍රිකා තරගය ගැන දසුන් කියූ දේ

Date:

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ දකුණු අප්‍රිකාව සමග අද(30) පැවැත්වෙන තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලකිය යුතු වෙනස්කමක් සිදු නොවනු ඇති බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා.

තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ඊයේ(29) පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව සදහන් කළා.

මශීෂ් තීක්ෂණ නැවතත් ආබාධ අවධානමකට ලක්ව සිටින බවට වාර්තා වුවත්, ඔහු මේ වන විට සුදුසු ශාරීරික යෝග්‍යතාවයෙන් පසුවන බවයි දසුන් සදහන් කළේ.

අමතර දග පන්දු යවන්නෙකු කණඩායමට ඇතුළත් කිරීමට අවධානය යොමුව තිබුණත්, තරගය පැවැත්වෙන සාජා ක්‍රීඩාංගනයේ තණතීරුව දග පන්දු යවන්නන්ට වඩා වේග පන්දු යවන්නන්ට යම් වාසි සහගත තත්ත්වයක් පවතින බවට නිරීක්ෂණය වන බැවින් කණ්ඩායම් සංයුතියේ වෙනසක් දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේ දී සිදු නොවනු ඇති බව ශ්‍රී ලංකා නායකයා සදහන් කළා.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ 25 වැනි තරගය ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද(30) පස්වරු 3.30ට සාජා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...