මාලිංගගේ වාර්තාව අභිබවා යමින් රෂීඩ්ගෙන් ලෝක වාර්තාවක්

Date:

පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු 100ක් දවා ගත් වේගවත්ම (අවම ඉනිම සංඛ්‍යාවකින්) පන්දු යවන්නා බවට පත් වීමට ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් සමත් වුණා.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලියේ 24 වන තරගයේ දී යි ඔහු එම වාර්තාව පිහිටුවීමට සමත් වුණේ.

රෂීඩ් ඛාන් එම තරගයේ දී මොහොමඩ් හෆීස්ගේ කඩුල්ල දවා ගනිමින් තම 100 වැනි ජාත්‍යන්තර 20යි 20 කඩුල්ල දවා ගත්තා.

ඔහු කඩුලු 100 සීමාවට ළගා වීම සදහා ක්‍රීඩා කර ඇති ඉනිම සංඛ්‍යාව 53ක්.

ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉනිම 76කින් කඩුලු 100ක් බිද හෙලා අදාළ වාර්තාවට මීට පෙර  හිමිකම් කියනු ලැබුවා.

20යි 20 ජාත්‍යන්තර පිටියේ කඩුලු 100ක් දවා ගත් පළමු ක්‍රීඩකයා වන්නේ ද ලසිත් මාලිංගයි.

20යි 20 ජාත්‍යන්තර තරගවලදී කඩුලු 100 ක් දවා ගත් සිව්වැනි පන්දු යවන්නා ලෙසයි රෂීඩ් ඛාන් අද ඉතිහාසගත වුණේ.

රෂීඩ් (කඩුලු 101) හා මාලිංගට(107) අමතරව බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන්(117) හා නවසීලන්තයේ ටිම් සවුති(100) ද කඩුලු 100 සීමාව පසු කර ගොස් තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...