ලකුණු 20ක් මදි වුණා : පරාජයට හේතුව තීක්ෂණ පහදයි

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරණයේ නිරත වූ අවස්ථාවේ දී තවත් ලකුණු 20ක් පමණ ලබා ගත්තේ නම් ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේ ප්‍රතිපලය වෙනස් වන්නට ඉඩ තිබූ බව ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසනවා.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ 22 වන තරගයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකාව කඩුලු 7ක පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් තීක්ෂණ ඒ බව සදහන් කළා.

ශ්‍රී ලංකාව සිය ඉනිමට හොද ආරම්භයක් ලබා ගත්ත ද, කඩුලු 4ක් අඩු ලකුණු සංඛ්‍යාවකදී දැවී යාම හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 170ක් කරා රැගෙන යාමට නොහැකි වීම තරගයේ ප්‍රතිපලයට බලපෑ බව ඔහුගේ අදහසයි.

ශ්‍රී ලංකාව පන්දු යැවීමේ දී පින්නෙන් බලපෑමක් එල්ල නොවූ බව ද මෙහිදී මහීෂ් තීක්ෂණ කියා සිටියා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...