ඒෂානි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩිකා ඒෂානි ලොකුසූරියගේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

පාදයක ආබාධයක් මෙම තීරණයට බලපෑ බවයි 37 හැවිරිදි ඇය සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් සදහන් කළේ.

2005 වසරේ දී යි ඒෂානි ලොකුසූරියගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ.

ඇය එක්දින ජාත්‍යන්තර තරග 89කට හා 20යි 20 ජාත්‍යන්තර තරග 68කට ක්‍රීඩා කර තිබෙනවා.

2013 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දී එංගලන්තය හා ඉන්දියාව පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව දැක් වූ සුපිරි දක්ෂතාවලට ඇයගෙන් ලද දායකත්වය ද සුලු පටු නොවේ.

ජාත්‍යන්තර තරග පිටියෙන් සමු ගත්ත ද තමා තවදුරටත් දේශීය තරග සදහා ක්‍රීඩා කරන බවයි ඒෂානි ලොකුසූරියගේ කියා සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...