ශ්‍රී ලංකා A ඉනිමේ කඩුලු 6ක් ලකුණු 25කට දැවී යයි; පාකිස්තාන ශහීන්ස් ප්‍රබල ස්ථානයක

Date:

සංචාරක පාකිස්තාන A (Pakistan Shaheens) කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින ක්‍රිකට් තරගය අද(28) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන A කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් තරගයේ අද දිනට ක්‍රියාත්මක වූයේ පන්දුවාර 22ක් පමණයි.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා A කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 61ක්.

ආරම්භක කඩුල්ල සදහා කමිල් මිශාර හා ළහිරු උදාර අතර ලකුණු 36ක සබදතාවයක් ගොඩ නැගුණා.

අනතුරුව ලකුණු 25ක් තුළ ශ්‍රී ලංකා පිලේ කඩුලු 6ක් බිද වැටුණා.

කමිල් ලකුණු 20ක් ද, උදාර ලකුණු 23ක් ද, ඕෂද ප්‍රනාන්දු ලකුණු 12ක් ද රැස් කළා.

නායක සධීර සමරවික්‍රම ලබා ගත්තේ එක් ලකුණක් පමණයි. නුවනිදු ප්‍රනාන්දු එක් ලකුණකටත්, ලසිත් අබේරත්න ලකුණු 3කටත් දැවී ගියා.

සුමින්ද ලක්ෂාන් නොදැවී එක් ලකුණක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී පාකිස්තාන A කණ්ඩායම වෙනුවෙන් නසීම් ශාහ් කඩුලු 3ක් ද, කුරාම් ශෙසාඩ් කඩුලු 2ක් ද, ඉර්ෆනුල්ලාහ් ශහ් එක් කඩුල්ලක් ද දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...