තියුණු සටනකින් පසු බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට 5-0ක තරගාවලි ජයක්

Date:

සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමග පැවැති තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 5-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද(25) සමත් වුණා.

ඒ, කණ්ඩායම් දෙක අතර පැවති අවසන් එක්දින තරගයෙන් ද ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.

රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 240ක් ලබා ගනිමින්.

සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ චමිදු වික්‍රමසිංහ පන්දු 123 කින් ලකුණු 102 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 6 පහර 3ක් සහ හතරේ පහර 10ක් ඇතුළත්. ශෙවොන් ඩැනියල් ලකුණු 59යි.

Chamindu Wickramasinghe ©SLC

පන්දු යැවීමේදී මුෂ්ෆික් හසාන් කඩුලු 3ක් දවා ගත් අතර රිපෝ මොන්ඩොල් හා අහොසාන් හබිබ් කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 236ක් පමණයි.

මහ්ෆිජුල් ඉස්ලාම් ලකුණු 62ක් රැස් කළ අතර, Aich Mollah ලකුණු 55ක් රැස් කළා.

පන්දු යැවීමේ දී විනුජ රන්පුල් හා දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 බැගින් දවා ගත්තා.

ඉනිමේ 45 වන පන්දුවාරය නිමා වන විටත් තරගය ජය ගැනීම සඳහා වැඩි වාසි සතු වුණේ බංග්ලාදේශය වෙතයි.

කෙසේ වෙතත් අවසන් පන්දුවාර කිහිපය සාර්ථක ලෙස යොමු කරමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේදී ජය තහවුරු කර ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...