කෝටි දහස් ගණනකට අලෙවි වූ නව IPL කණ්ඩායම් දෙක නිවේදනය කෙරේ

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ඇතුළත් කෙරෙන නව කණ්ඩායම් දෙකෙහි හිමිකාරීත්වය ලබා ගැනීමට RPSG සමූහය හා CVC Capital ආයතනය සමත් වී තිබෙනවා.

CVC Capital යනු ජාත්‍යන්තර ආයෝජන සමාගමක් වන අතර, RPSG සමූහය යනු Sanjiv Goenka ගේ හිමිකාරීත්වයෙන් යුත් සමාගමක්.

අද දිනයේ ඩුබායි හී දී නව කණ්ඩායම් දෙක සදහා ලංසු කැදවීම සිදු කෙරුණා.

පාර්ශව 9ක් විසින් ලංසු ඉදිරිපත් කර තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එහිදී RPSG සමූහය විසින් ලක්නව් නගරය කේන්ද්‍ර කර ගත් කණ්ඩායමේ හිමිකාරීත්වය ඉන්දීය රුපියල් කෝටි 7,090 කට හිමි කර ගත්තා.

CVC Capital සමාගම විසින් අහ්මදාබාද් නගරය කේන්ද්‍ර කර ගත් නව කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 5,625 ක මුදලකටයි.

ඒ අනුව ලබන වසරේ සිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එම කණ්ඩායම් දෙක එක්වීමත් සමග තරගාවලියට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ යනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...