ඓතිහාසික ජයග්‍රහනයෙන් පසු බබාර් අසාම්ගේ පියා සංවේදී වූ අයුරු මෙන්න

Date:

ඉන්දියාවට එරෙහිව ඊයේ(24) දිනයේ දී පාකිස්තාන කණ්ඩායම ඓතිහාසික ජයක් වාර්තා කළ බව ඔබ දැනටමත් දන්නවා.

කඩුලු 10කින් ලැබූ එම ජයග්‍රහනය වඩාත් වැදගත් වූයේ ලෝක කුසලාන ඉතිහාසයේ දී පාකිස්තාන කණ්ඩායම විසින් ඉන්දියාව පරාජයට පත් කළ පළමු අවස්ථාව වන බැවින්.

එම සුවිශේෂී ජයග්‍රහනය පාකිස්තානයට හිමි කර දීමට නායකත්වය දෙනු ලැබුවේ සුපිරි පිතිකරු බබාර් අසාම්.

නායකයෙකු ලෙස පිත්තෙන් ද සිය කණ්ඩායමට උපරිම සේවයක් ඉටු කළ ඔහු මෙම තරගයේ දී මොහොමඩ් රිස්වාන් සමග පළමු කඩුල්ලට නොබිදුණු ලකුණු 152ක සබදතාවයක් ද ගොඩ නැගුවා.

ලෝක කුසලාන තරගයකදී ඉන්දියාව පරාජය කිරීමට කිසිදු පාකිස්තාන නායකයෙකුට නොහැකි වී තිබූ පසුබිමක බබාර් අසාම් එම ඉතිහාසය වෙනස් කරමින් දැක් වූ සුවිශේෂී දක්ෂතාවය කිසිදු පාකිස්තාන ප්‍රේක්ෂකයෙකුට කිසිදා අමතක කළ නොහැකි වනු ඇත.

මෙම ජයග්‍රහනය ලබා දීමට මූලික වූ බබාර් අසාම්ගේ පියාට ද එය පොදුයි.

පාකිස්තානය තරගය ජය ගැනීමෙන් අනතුරුව ඔහු ඉතා සංවේදී වූ අවස්ථාවකට අදාළ දර්ශන මේ වන විට ලොව පුරා සමාජ මාධ්‍ය තුළ වේගයෙන් හුවමාරු වෙමින් පවතිනවා.

එම දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...