කොදෙව්වන් 55කට සීමා කරමින් එංගලන්තයට විශිෂ්ඨ ජයක්

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේ සුපිරි 12 වටයේ දෙවැනි තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය අද(23) සමත් වුණා.

ඔවුන් හමුවේ කඩුලු 6කින් පරාජයට පත් වූයේ 20යි 20 ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

ඩුබායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

කොදෙව් ඉනිම පන්දුවාර 14.2 ක් තුළ ලකුණු 55කට සීමා වුණා. එය 20යි 20 ලෝක කුසලාන ඉතිහාසයේ තෙවැනි අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි ඉතිහාසගත වුණේ.

20යි 20 ලෝක කුසලාන ඉතිහාසයේ දෙවැනි අවම ලකුණු සංඛ්‍යාව ද ඊයේ වාර්තා වුණේ ශ්‍රී ලංකාව විසින් නෙදර්ලන්තය ලකුණු 44කට සීමා කිරීමත් සමගයි.

කොදෙව් ඉනිමේ ලකුණු 10 සීමාව පසු කළේ ක්‍රිස් ගේල් පමණයි. ඔහු ලකුණු 13කට දැවී ගියා.

පන්දු යැවීමේ දී සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ අඩිල් රෂීඩ් පන්දුවාර 2.2ක් යොමු කරමින් ලකුණු 2කට කඩුලු 4ක් දවා ගත්තා.

මොයීන් අලී හා Tymal Mills කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට ලකුණු 56ක ඉලක්කය පහසුවෙන් ළගා කර ගැනීමට කොදෙව්වන් ඉඩ ලබා දුන්නේ නැහැ.

කෙසේ වෙතත්, එංගලන්තය පන්දුවාර 8.2ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

ජොස් බට්ලර් නොදැවී ලකුණු 24ක් ද, ජේසන් රෝයි ලකුණු 11ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී අකීල් හුසෙයින් (Akeal Hosein) කඩුලු 2ක් හා රවී රාම්පෝල් කඩුල්ලක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...